අයුතු යෝජනාව – ඇම්ඩන් කතා

එක්තරා පුද්ගලයෙක් එක කෙල්ලෙක් දැකලා පුදුම ආශාවක් ඇති වෙලා.මෙයා කොහොම හරි මේ කෙල්ල එක යාලු වෙලා කාරෙකට දා ගෙන ටවුමෙන් හැතප්ම 5 දුරක් ඈතට ගිහිල්ලා කෙල්ලට අයුතු යෝජනාවක් කරාලු.කෙල්ල ඒක ප්‍රතික්ශේප කරා.පස්සෙ මේ මිනිහා කිව්වා එහෙනම් ඔයාට පයින් තමයි ආපහු යන්න වෙන්නේ කියලා.කෙල්ලත් කමක් නෑ කියලා පයින් ටවුමට ආවලු.පස්සේ මූ ආපහු මේ කෙල්ලව රවටලා ටවුමෙන් හැත්ප්ම 10 ක් ඈතට මෙයාව කාරෙකේ දාගෙන ගිහිල්ල ඒ අයුතු යෝජනාව කරාලු.කෙල්ල බෑ කියලා ආපහු පයින් ටවුමට ආවලු.තුන්වැනි පාර මේ මිනිහා කෙල්ලව රවටාගෙන අරගෙන ගියාලු හැතප්ම100 ඈතට.මේ පාර වැඩේ හරිගියා.කෙල්ල කැමති වුනා.මූ ගේම දුන්නා.දැන් කෙල්ලව ටවුමට කාරෙකෙන් ගෙනෙල්ලා මේ මිනිහා කෙල්ලගෙන් අහනවා මොකද මේ පාර ඔයා කැමති වුනේ කියලාකෙල්ල කියනවා මට පුද්ගලයෙක්ව ඒඩස් වලින් බේර ගන්න හැතප්ම 5ක් 10ක් පයින් ඇවිදගෙන යන්න පුලුවන්.හැතප්ම 100ක් නම් කොහොමවත් පයින් යන්න බෑ.සොරි අනේ කියලා බැහලා ගියාලු.

එක මිනිහෙක් එයගේ බිරිඳගේ දික්කසාද වෙලා තනියම ඉන්නේ.ඒ වුනාට මෙයට බිරිඳට හැම මාසෙකම රුපියල් 5000ක් දෙන්න ඕනී.මොකද එයාට පුතෙක් ඉන්නවා.එයා ඉන්නේ බිරිඳ ලඟ.මේ මසේ අන්තිමට පුතාට වයස 18යි.ඒක නිසා මිනිහට තියෙන්නේ අන්තිම දීමනාව මේ මාසේ අන්තිමට දෙන්න.පුතා ආවා සල්ලි අරන් යන්න.මෙයා පුතාට කීවා “පුතේ මේ මම උඹලාගේ අම්මට දෙන අන්තිම දීමනාව.උඹට හෙට ඉඳන් 18 ක් නිසා මට ආපහු ගෙවන්න ඕනී නෑ.උඹ මේක අම්මට කියලා, අම්මගේ මූන වෙනස් වෙන හැටි විගහට ඇවිල්ලා මට කියපන්”පුතා ටික වේලාවකින් ආපහු ඇවිල්ලා කියනවා ” තාත්තේ අම්මා මට ලොකු රහසක් කීවා දැන්”තාත්තා අහනවා මොකක්ද කියලා.පුතා පිළිතුරු දෙනවා ” මගේ නියම තාත්ත ඔයා නෙවෙයිලු”

මේක උනේ ඇම්ඩා ක්ලාස් යන දවස්වල. දවසක් ඔහොම ක්ලාස් යන්න ලෑස්ති වෙලා වෙලාව බැලුවම ටිකක් විතර පරක්කු වෙලා ලු. ඉතින් කඩි මුඩියේ ඇද පැළදගෙන එහෙම ගෙදරින් එලියට බැස්ස ලු. පරක්කු වෙලා නිසා දුවගෙන දුවගෙන ගිහින් කඩුල්ලෙන් පැන්න ලු.කොහොම හරි පැනපු ගමන්ම වගේ අල්ලපු ගෙදර නගා ඇම්ඩව දැකල ඇහුව ලු “ඇම්ඩ අයියේ වෙලාව කීයද ?” කියල.”මම කඩුල්ලෙන් පනිනකොට තමයි නංගී තුන වැදුනේ” කියල ඇම්ඩ හෙමීට මාරු උනා ලු.

ඔන්න කොල්ලෙක් හිටියා. කොල්ලෙක් කිව්වට කොලු තාත්තෙක්. කසාද බඳින වයසෙ.කසාද බඳින වයසෙ උනාට මොකෝ මුට පවුල් සවුක්කිය ගැන කිසිම දැනුමක් නෑ. මුට ඔව්වා ගානකුත් නෑ. අන්තිමේ අම්මලාගේ උවමනාවටම මුට මඟුලක් සෙට් කොලා. බඳින්න කලින් දවසේ තාත්තා කොල්ලට පැත්තකට කතා කොරලා ඉස්තිරී සරීරය ගැන පොඩි කුප්පියකුත් දැම්මා. තාත්තා හිතුවා කොල්ලට ඒ ටික දැනගත්තහම ඉතුරු ටික ගොඩදාගනී කියලා.තාත්ත කෝකටත් කියල කිව්වා“මොකක් හරි ප්‍රෂ්නයක් උනොත් මගෙ සෙල් ෆෝන් එකට කතා කරපන්”.ඔන්න කොල්ලගෙ මඟුල් ගෙදර දවස. දවල් වැඩකටයුතු ඔක්කොම ටික අඩුවක් පාඩුවක් නැතුව සිද්ද උනා. දැං තමා කොල්ලගෙ මංගල රාත්‍රිය. තාත්තා පට්ට බයේ ඉන්නේ මූ මොනවයිං මොනවා කොරගනීද කියලා.කෝකටත් කියලා තාත්තා මොබයිල් එකත් ලඟ තියාගන හිටියා.මෙන්න මහ රෑ එනවා පුතාගෙ මොබයිල් ෆෝන් එකෙන් තාත්තගෙ එකට කෝල් එකක්පතා : “අප්පච්චී…”තාත්තා : ”මොකෑ මගේ පුතේ.පුතා : ”මේකි මහ වල් ගෑනියෙක්. මට කරදර කොරනවා .බනිනවා…”තාත්තා : ”නෑපුතේ..රෑට ගෑනු ඔහොම තමා. මොකෑ උඹට කියන්නේ…”පුතා : ”වල් වැඩ කොරන්ට කියාලා කරදර කොරනවා..”තාත්තා : ”ඉතිං ඔය කියනවනං ඒක කොරාපිය …”පුතා : ”මම මොකෙන්ද එව්වා කොරන්ඩ ඕනැ අපප්ච්චී??”තාත්තට පුතාට කෙලින්ම කියන්න ලැජ්ජයි වගෙනේ . ඒ හින්දා මෙහෙම කිව්වා.“පුතේ උඹයි මමයි ලඟ විතරක් තියන ගෑනි ලඟ නැති එක පාවිච්චි කොරාපන්”.කොල්ලත් “හා අප්පච්චි” කියලා ෆෝන් එක තිබ්බා.පහුවදා උදේ ගෙදර කට්ටිය නැගිටිනකොට අලුත ගෙනා මනමාලි ගමටම ඇහෙන්ඩ කෑ ගහනවා.“මොන වල් සත්තු රැලක් ඉන්න තැනකටද අපේ අම්මලා මාව දීග දුන්නේ. තව තප්පරයක්වත් මම මේ ගෙදර ඉන්නේ නෑ. මම යනවා මහගෙදර. වල් බල්ලො!…” මනමාලි බන බැන ගෙදර යන්ඩ රෙදි පැක් කරනවා.තාත්ත්ට තේරුනා කොල්ලා ඊයේ රෑ මොකක් හරි පිස්සුවක් නටල තියනවා කියලා. කෙලින්ම ගිහිල්ලා කොල්ල හම්බුනා. තාත්තා : ”පුතේ මට ඇත්ත කියාපං. ඊයේ රෑ මොකෑ උනේ. ”පුතා : ”මොකුත් නෑ අප්පච්චි. මම උඹ් කියාපු විදියටම කොලා”තාත්තා : ”මම කියපු විදියට උඹ මොකෙන්ද කොලේ?”පුතා : ”අප්පචියි මමයි ලඟ විතරක් තිබ්බ ගෑනි ලඟ නැති එක පාවිච්චි කොලා ”තාත්තා : ”උඹ මොකක්ද පාවිච්චි කොලේ? ”පුතා : ”මොබයිල් ෆෝන් එක “