ඇරියපාර සරමේ සේරම – ඇම්ඩන්ගේ කතා

ේක මේ ආයතනයක හිටිය සිකියුරිටි කෙනෙකුට වෙච්ච වැඩක් හරිය.අපේ කථා නායකයා එදා දවල් වරුවේ තමයි ඩියුටි.මෑන් ටිකක් විතර ගොතයි.කලබල උනහම හොදටම ගොතේ වැඩී.ඔන්න ඉතින් සරමක් එහෙම ඇඳගත්ත ඒ තරම් වැදගත්කමක් නැති පාට මනුස්සයෙක් ආවා මේආයතනයේ මහත්තයෙක් හම්බ වෙන්න.අපේ සිකියුරිටි මෑන් මිනිහගේ ඉහේ ඉදන් පහලට යනකම් විස්තර ටික අරගෙන තමයි යන්න දුන්නේ.මිනිහගේ නම හැටියට පොතේ ලියා ගත්තේ ආරියපාල සමරසේකර කියලා.පැයකට විතර පස්සේ ඒ මනුස්සයා ආපහු ගියා.ඊට විනාඩි 5 ක ට පස්සේ ඔෆිස් එකේ නිළධාරී මහත්තයෙක් හදිස්සියේම පහලට දුවගෙන ඇවිත් “කෝ කෝ අර දැන් සරමක් ඇදන් මෙතනින් ගිය මිනිහ” කියලා අපේ මෑන්ගෙන් එකපාරටම ඇහුවා.”මි මි මිනිහා මේ දැ දැ දැ දැන් ගියා වීතරයි සර්.”“මිනිහගේ නම ඉක්මනට හොයල කියනව මට දැන්මම.”
දඩ බඩ ගාල පොත පෙරලල නම හොයා ගත්තා.”සර් මිනිහගේ නම ඇ ඇ ඇරියපාර සරමේ සේරම සර්.

එක්තරා ගමක හිටිය ගමරාලයි ගමමහගෙයි. ගමරාල උදේ සිට හවස වෙනතුරු හේනේ වැඩට යනවා. ලඟපාත ගෙදෙරක පේදිරිස්ට පුරුද්දක් තිබුන ගමරාල නැති වෙලාවක් බලල මේ ගෙදෙට්ට රිංගන්න.දවසක් පේදිරිස්ගේ පුතා ඔය ගෙදෙට්ට රිංගුවා. ටික වෙලාවකට පසු දොරට තට්ටුවක් දාන සද්දයක් ආව. ගමමහගේ ඇහුව ” කව්ද” කියල. “මේ පේදිරිස් බන්, දොර ඇරපන්”.සැප අරන් හිටපු පුතා හොඳටම භය වෙලා තාත්තාට අහුවෙයි කියල. ගමමහගේ පුතාට කිව්වා භය වෙන්න එපා, ඔන්න ඔය ලොකු පෙට්ටියට බැහැපන් කියල. පෙට්ටිය ඇතුලට පුතාව දාල මුඩිය වහල ඊට උඩින් තවත් මොනවද දාල පේදිරිස්ව ගේ ඇතුලට ගත්ත. ඔන්න ඔය අතරතුරේ ගමරාලය පොඩි අඩියක් ගහල හය්යෙන් කවියක් කියාගෙන එනවා පේදිරිස්ට ඇහුණාම, “දැන් මොකද කරන්නේ” කියල ගමමහගෙන් ඇහුව. “මම පෙට්ටියට රින්ගන්නද”?සුපුරුදු පරිදි පෙට්ටියට රින්ගවන්නත් බැහැ පුතා ඇතුලේ නිසා. ගමමහගෙට ෂණික නුවණක් ආව.පේදිරිස් අතට ලොකු කැත්තක් දීල කිව්වා ” ඕකව මරනවා කිය කීයා දුවපන්”.ගමරාල ගෙදෙට්ට ඇවිල්ල ගමමහ්ගෙන් ඇහුව මොකද අර පේදිරිස් කැත්තක් අරගෙන ඕකව මරනවා කියාගෙන දුවන්නේ කියල.කිසි දෙයක් නොදන්න විදියට ගමමහගේ කිව්වා “අනේ, ඕකගේ පුතණ්ඩිය මොකක්දෝ අමන වැඩක් කරලා මෙහෙත් ආව හොයන්ඩ”. “මේ ඇහුනද, ඔය උදැල්ල මෙහෙන් තියල උඹත් ඉක්මනට ගිහිල්ල බලපන් අර මිනිහ මොනවාද කරන්නේ කියල ගමරාල නොපෙනී යනකන් ඉඳල පුතාව එලියට අරන් ” දැන් තෝ ගෙදර පලයන්” කියල පුතාට කිව්වා

කාලෙකට පස්සේ යාළුවො දෙන්නෙක් මුණ ගැහුනා. එක්කෙනෙකුට නම් හොඳ රස්සාවක් ලැබිල ටිකක් සරුයි. එයා අනිත් එක්කෙනාගෙන් මෙහෙම අහනවා.“ඉතින් රස්සාවක් කරන්න අදහසක් නැද්ද?“හිතට හරියන එකක් හම්බ උනේ නැහැ. හැබැයි සර්කස් එකක සිංහයෙක් පුහුණු කරන්න පොඩි චාන්ස් එකක් ආව. පඩිත් ටිකක් හොඳයි. යන්න කියල තමා බැලුවේ.”“සිංහයෙක්?”“ඔව් බන්.. උඹ දන්නවනේ මම කොහොමත් ඔය සත්තුන්ට කැමතියි කියල”“සත්තු වෙනයි බන්. එත් මේ සිංහයෙක් නේ”“සිංහයත් සතෙක් නේ බන්”“ඉතින් උඹට බය නැද්ද?”“බය වෙන්නේ මොකටද, සිංහයව මෙල්ල කරන්න පුළුවන් ආයුද මම අරගෙනනේ යන්නේ”“හා අපි හිතමු උඹ සිංහයාගේ කුඩුව ඇතුලේ ඉන්න වෙලාවේ ඌ උඹව කන්න පැන්න කියල, උඹ මොකද කරන්නේ?”“මම ඌ ට ආදරෙන් කතා කරනවා”“බම්බුව තමයි..ඇහුවේ නෑ කියමු”“එතකොට මගේ ළඟ තියෙන කසෙන් පාරක් ගහනවා.”“එත් ඇහුවේ නෑ කියමු”“මගේ ගාව තියෙන පොඩි පොල්ලෙන් පාරක් ගහනවා”“නෑ.. උඹ මාරයි නේ.. එත් මෙල්ල උනේ නැත්තම්?”“මම ගාව තියෙන පිස්තොලෙන් වෙඩි තියෙනවා”“හරි අපි හිතමු පිස්තොලේ හිරවෙලා වෙඩි වැදුනේ නෑ කියල”“එහෙම වෙන්නේ නෑ.. මම කිරිත් එක්ක සමහන් බොනවනේ”“හරි වෙඩි තියල මෙල්ල කරගන්න බැරි උනා කියමු.. සිංහයා උඹේ පිස්තොලේ විසි වෙන්න පාරක් ගහනවා.”“එතකොටනම් පුතෝ කකුල් දෙකට වැඳලා දුවන්න තමයි තියෙන්නේ.”“කොහේ දුවල බේරෙන්නද. උඹ කුඩුව ඇතුලේ නේ ඉන්නේ. දොර ඇරගන්න ටිකක් වෙලා යනවනේ.”“ඔව්නේ.. එහෙනම් මම කරන්නේ සිංහයා දාපු බෙට්ටක් අරගෙන උගේ ඇස් දෙකට ගහනවා. ඌ පෙන්නේ නැතුව පිස්සු නටන වෙලාවේ මම ටක් ගාල දොර අරගෙන පනිනවා”“හොඳයි උඹේ කරුමෙට සිංහයා බෙටි ගහල නෑ කියමු. එතකොට මොකෝ කරන්නේ?”“ඔන්න උඹට වැරදුනු තැන. තත්වේ ඔය තරම් දරුණු තැනකට ආවට පස්සේ ගූ ටිකක් හොයා ගන්න එච්චර අමාරු වෙයි කියලාද උඹ හිතාගෙන ඉන්නේ