අරුම පුදුම සංචාරක ස්ථාන 10 ක්

අපි කවුරුත් සංචාරයක් යාමට පෙර, යා යුතු ස්ථාන, මාර්ග පිළිබඳව ඉතා සැලකිල්ලෙන් සොයා බලනු ලබනවා.ඒ වගේම යම් ස්ථානයකට යන්නට පෙර ඒ පිලිබඳ අධ්‍යනයක් කරන්නත් ගොඩක් දෙනෙක් අමතක කරන්නේ නැහැ.විවිධ පුගලයන් ගමන් කරන්න කැමති ස්ථාන විවිධාකාරයි.සමහරක් නිදහස් සාමකාමී පති වලටත්,තවත් සමහරක් අභියෝගකාරී ගමන් වලට කැමැත්තක් දක්වනු ලබනවා.නමුත් හැමෝටම හැම තැනකටම යන්න වරම් නොලැබෙන නිසා මේ ලිපිය කියවීමෙන් ඔබටත් කෙටි ත්‍රාසජනක චාරිකාවක් අත්දැකීමක් ලැබෙනු අටහ්යි අපි විස්වාස කරනවා.

1.The Chapel Of Bones (ඇටකටු දෙව් මැදුර)

පෘතුගාලයේ එවොර හි පිහිටි මෙම දෙව් මැදුර එම නගරයේ පිහිටි විශේෂිත ස්ථානවලින් 1ක්.මෙයට මෙම නම ලැබී ඇත්තේ එහි බිත්ති හා ඇතුලත අලංකරණය සඳහා යොදාගෙන තිබෙන්නේ මිනිස් හිස් කබල් සහ මිනිස් ඇටකටු වන නිසායි.ඇටකටු දෙව් මැදුර නිර්මාණය කර තිබෙන්නේ 16 වන සියවසේ පමණ වන අතර නිර්මාතෘ ප්‍රංශ ජාතික පුජක වරයෙකි.තම සොහොයුරාට ජිවිතයේ අස්ථිර බව කියාදීමට ටමයි ඔහු මේ මැදුර නිර්මාණය කරලා තියෙන්නේ. එමෙන්ම මෙහි තේමා පාඨය වනුයේ “මෙහි ඇත්තේ අපගේ මිනිස් ඇටකටුය,ඒවා ඔබගේ ඇටකටු වෙනුවෙන් බලා සිටියි” යන්නයි.

2.හොයිආ කැලෑව (Hoia Forest)

ට්‍රාන්ස්ලවෙනියාවේ පිහිටි මෙම කැලෑව හොල්මල් වලට ඉතාම ප්‍රසිද්ධ ස්ථානයක්.පුරාවෘත්ත වලට අනුව මෙයම මෙම නම ලැබී ඇත්තේ පුජකයෙක් මම කැලයට ඇතුළු වී ඇති අතර ඔහු කුඩා ගෙම්බෙක් වී නොපෙනී ගියා නිසා යැයි විස්වාස කරනු ලබනවා.කෙසේ නමුත් එවැනි සිදුවීමක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හමු වී නැති අතර,වර්තමානයේද මෙම කැලයෙන් අත්භූත හා අසාමාන්‍ය ශබ්ද ඇසෙන බවත් ඒවා විදුවන්නේ කෙසේදැයි විද්යානුකුලව ඔප්පු කිරීමට නොහැකි වී තිබෙනවා.සමහරක් අය පිටසක්වල යාන මෙහි පැමිණෙන බවට විස්වාස කරන අතර තවත් සමහරක් මෙහි හොල්මන් දැක තිබෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

3.කුරුස කන්ද (The hill of Crosses)

ලිතුවේනියාවේ පිහිටි මෙම කන්දට එම නම ලැබී ඇත්තේ එහි තැනින් තැන ඇති කුරුස නිසායි.තවද මෙහි කොතරම් කුරුස තිබේදැයි ගණනය කිරීමට නොහැකි වී ඇති අතර,90 දශකයේ කල යමන් ගණනයකින් එම ගණන 50000ක් පමණ වන බවට දල වශයෙන් නිගමනය කර තිබෙනවා.මෙය සුසාන භූමියක් නොවන අතර දිනේන් දිනම මෙහි ඇති කුරුස ගණන වැඩි වනු ලබනවා.එයට හේතුව වන්නේ මෙයට කුරුසයක් එක කිරීමෙන් වාසන්ව උදාවන බවට ඒ ප්‍රදේශයේ ඇති විස්වාසයයි.කෙසේ නමුත් මෙය ආරම්භ වූ කාල වකවානුවක් ගැන පැහැදිලි සඳහනක් නැහැ.

4.රජුගේ පුංචි පාර (El Caminito Del Rey)

El Caminito Del Rey යන ස්පාඥ්ඥ වදනින් කියවෙනේ රජුයේ පුංචි පාර යන්නයි.මෙය නිර්මාණය කර ඇත්තේ යකඩ පිලි මත නිමවූ බදාම තට්ටුවකිනි.මෙම මාර්ගය වැටි තිබෙන්නේ චෝරෝ සහ ගයිටනිජෝ දිය ඇල්ල අතරයි.මෙය අයත්වනුයේ ස්පාඥ්ඥයේ මලගා ප්‍රදේශයට වන අතර බිම් මට්ටමේ සිට ඉතා ඉහලින් මෙය පිහිටා ඇත.මෙහි දිග සැතපුම් 1.8ක් වන අතර පළල අඩි 2.3 කි.මෙය 1905 ඩි නිර්මාණය කර ඇති අතර මෙය සාදා ඇත්තේ බැම්මක් ඉදි කල සේවකයන්ට එහා මෙහා යාමට බව වාර්තා වේ.එමෙන්ම මෙයට මෙම නම පටබැඳි ඇත්තේ එම බැම්ම විවෘත කිරීමට පැමිණි 13 වන අල්ෆොන්සෝ රජු මෙම මාර්ගය හරහා ගමන් කල බැවිනි.

5. එල්ලෙන මිනි පෙට්ටි සගඩව

යනු පිලිපීනයේ ඇති සංචාරකයින් නිරන්තරෙන් යන එන ප්‍රදේශයකි.මෙම ප්‍රදේශය ගුහා වලින් බහුල ප්‍රදේශයක්ද වේ.මෙහි ඇති බොහොමයක් ගුහා වල එල්ලෙන මිනීපෙට්ටි දැකගත හැක.මෙසේ එල්ලෙන මිනි පෙට්ටි වල දේහ තැන්පත් කිරීම ආදී කාලයේ සිට පැවතුන සම්ප්‍රදායක් වන අතර මේවා සාදා ඇත්තේ ඝන ලී කුට්ටියක් භාවිතා කිරීමෙනි.දේහය එය තුල තැන්පත් කිරීමෙන් පසුව ඒවා අඩි 380ක් පමණ උසකින් එල්ලනු ලබයි.පුරාවෘත වලට අනුව මම ගල් කඳු වැටි දිව්‍ය ලෝකය හා මේ ලෝකය සම්භන්ධ කරන ඉනිමගක් ලෙස ඔවුන් විස්වාස කර තිබෙනවා.

6.හරක් සමග දිවීම (ස්පාඥ්ඥ සම්ප්‍රදාය)

මෙම සම්ප්‍රදාය ස්පාඥ්ඥයේ බොහෝ ගම්මාන වල පවතින අතර මෙය සිදු කරනු ලබන්නේ නිදහස් අරමුණක් කරා දිවයනු ලබන්නේ යයි තේමාපාඨය කරගෙනය.විනෝදජනක මෙන්ම ත්‍රාසජනක සම්ප්‍රදායක් වන මෙය san fermin උත්සවය අලලා පැම්ප්ලෝනාවේදී පවත්වනු ලබයි.මෙහි මුළු දුර සැතපුම් 0.6ක් වන අතර රතිඤ්ඤා දැල්වීමෙන් ගොන්නු කුලප්පු කිරීමෙන් මෙය ආරම්භ වේ.මෙයට ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි අතර ජයග්‍රහණය සඳහා මුළු දුරම දිවිය යුතු we. එමෙන්ම භයානක අවස්තාවක් ඇත ළඟ we නම් සැඟවීමටද හැකියාව ඇත.

7.කැපුචින් උමං සොහොන.

ඉතාලියේ පලර්මෝ හි මෙම උමං සොහොන තුල මිනිසුන් 8000ක් පමණ නිදන් කර ඇත.මෙම සොහොන ඉතා ප්‍රසිද්ධ මමී කෞතුකාගාරයකි.මෙම ඕමාන සොහොන නිර්මාණය කරන ලද්දේ 16 වන ශතවර්ශය් වන අතර 18-19 ශතවර්ෂ වලදී මෙහි දේහ තැන්පත් කර ඇති ඇත 1882න් පසු මෙහි දේහ තැන්පත් කිරීම සිදු නොකරයි.

8.සොලමන් දුපත අසල දිරවූ නැව

මෙම ප්‍රදේශය නැවු වලට ශාපයන් ගෙනදුන් ස්ථානයක් ලෙඅ නම් ලබා තිබු අතර එයට හේතුව වුයේ දිය යට ඇති විශාල කොරල් පරයයි.2000 වසරේදී ලෝක සංචාරකයා ලෙස හැඳින්වූ ලිබියානු නැව මෙහි සිරවූ අතර කිසිදු මගියෙකුට හානියක් සිදුවුනේ නැත/නමුත් නව ගලවා ගැනීමට කොතරම් උත්සහ කලද එය සාර්ථක වී නැත.දැන් එම නම මාළුන්ගේ හා අනෙක් ජලජ ජිවින්ගේ නිවහනක් බවට පත් වී ඇත.

9.කාර් සොහොන

මෙය අලුත් චිත්‍රපටි වල එන සොම්බි දර්ශන වල පසුබිම් අලංකරණයක් හා සමාන බෙල්ජියමේ පිහිටි සත්‍ය ප්‍රදේශයකි.දෙවන ලෝක යුද්ධය අවසානයේ ඇමෙරිකානු හමුදා පාවිච්චි කල කාර් රථ මෙලෙස මෙහි අතහැර දමා ගොස් ඇති අතර අද වන විට එම ස්ථානය පාලු සොහොනක ස්වභාවයක් ගනියි.කාලයත් සමග වැඩුණු විශාල ගස්කොලන් නිසා මෙම ප්‍රදේශයේ තරමක් බිය හිතෙන ස්වරුපයක් ඇත.

10.වැලි කතරේ මිනිස් අත

මෙම අස්වාභාවික නිර්මාණය පිහිට ඇත්තේ චිලිහි ඇටකාමා කාන්තරයේය.මිනිස් අතක උඩ කොටසේ හාදයෙක් යුතු මෙය සංචාරකයන්ගේ හා රුපවාහිනී වැඩසටහන් හා වෙළඳ දැන්වීම් රුගත කරන ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව ඇත.චිලිහි මුර්ති ශිල්පියෙකු වන මාරියෝ ඉරාරසබා විසින් මෙය නිර්මාණය කර ඇති අටහ්ර මෙයට කොන්ක්‍රීට් සහ යකඩ යොදාගෙන ඇත.මෙය 1992 මාර්තු 28 දින විවෘත කර ඇත.මෙයින් අයුක්තියට ලක්ව තනිවූ මිනිසෙකුගේ හැඟීම් සංකේතවත් කෙරෙන බව පැවසේ.