මෙන්න ලෝකයේ දිගම ගංගා 6

wildernessinquiry.org

මිසිසිපි ගංගාවඋතුරු ඇමරිකානු මහද්වීපයේ විශාලතම ගංගාව ලෙස මිසිසිපි ගංගාව සැලකෙනවා. මිසිසිපි යන්නෙන් “විශාල ජලකඳ” යන අරුත ලැබෙනවා. උතුරු ඇමරිකානු මහද්වීපයේ ගවේෂණ සහ ආර්ථික සංවර්ධන කටයුතු වලදී ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මිසිසිපි ගංගාව බල්සා දැවයෙන් තැනූ පහුරු ප‍්‍රවාහනය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලනවා.අතුගංගා රාශියකින් සැදුණු මිසිසිපි ගංගාවේ ජලවහන පද්ධතියෙන් ආවරණය වන භූමි ප‍්‍රමාණය වර්ග කි.මී. 2 979 000 පමණ වෙනවා. එය උතුරු ඇමරිකාවේ විශාලතම ජල ෙද්‍රීණියෙන් සමන්විත වන අතර දීර්ඝතම ගංගා අතුරින් ලෝකයෙන්ම සිව්වැනි ස්ථානය හිමිකර ගන්නවා. මෙහි ජලය නිකුත් කිරීමේ වේගය තත්. 1 ට කියුබික් මීටර් 16 800 ක් පමණ වෙනවා. නිකුත් කරන කාලය ජල ප‍්‍රමාණය අනුව සැලකූ විට එයට ලෝකයේ 6 වැනි ස්ථානය හිමි වී තිබෙනවා. මිනසෝටාවේ ඉටාස්කා විලෙන් මිසිසිපි නදියේ ආරම්භය සිදු වෙනවා. එතැන්් සිට එහි අවසානය දක්වා සිදුවන මෙක්සිකානු බොක්ක දක්වා එහි සම්පූර්ණ දිග කි.මී. 3770 ක් වෙනවා. මිසිසිපි නදියේ දීර්ඝතම අතුගංගාව වන මිසුරි ගංගාවේ ආරම්භක ස්ථානයේ සිට ගණනය කරන්නේ නම් මෙක්සිකානු බොක්ක දක්වා එහි සම්පූර්ණ දිග කි.මී. 5970 කි.මිසිසිපි නදියේ ගමන් මාර්ගයේ දිගටම ශාඛාවන් බොහෝ ප‍්‍රමාණයක් එයට එකතු වෙනවා. මේ අතුරින් ඉලිනොයිස් නදිය ඉලිනොයිස්හිදීත්, මිසුරි නදිය මිසුරි හි සෙන්ට් ලුවිස්හිදීත්, ඔහියෝ නදිය ඉලිනොයිස්වලදීත්, ආකන්සාස් නදිය අකන්සාස් නගරයේදීත් මිසිසිිපි නදියට එකතු වෙනවා.
wikipedia.org

නයිල් ගංගාවලෝකයේ දීර්ඝතම ගංගාව ලෙස සැලකෙන නයිල් ගංගාව ඊසාන දිග අප‍්‍රිකාවේ පිහිටා තිබෙනවා. ප‍්‍රධාන ජල මූලාශ‍්‍ර එකකට වැඩියෙන් ඇති ගංගාවන් අතළොස්සෙන් එකක් ලෙසද නයිල් නදිය ප‍්‍රසිද්ධියක් උසුලනවා. බුරුන්ඩියේ සිට රුවන්ඩා – ටැංසානියා සහ උගන්ඩා ටැංසානියා දේශ සීමා හරහා වික්ටෝරියා විලට ගලා යන රුව්සොන්සා ගංගාව නයිල් නදියේ ප‍්‍රධානතම ජල මූලාශ‍්‍රය ලෙසින් සලකනු ලබනවා. වික්ටෝරියා ඇල්ලෙන් පිටවන නයිල් නදිය වික්ටෝරියා නයිල් ලෙස හඳුන්වනවා. එතැන් සිට කි.මී. 500 ක් පමණ ගිය තැනදී නයිල් නදිය ඇල්බට් විලට ඇතුළු වෙනවා. නැවත ඇල්බට් විලේ උතුරු කෙළවරින් පිටවන නයිල් නදිය ඇල්බට් නයිල් යනුවෙන් හඳුන්වනවා. සුඩානය හා ඊජිප්තුව හරහා ද ගලා බසින නයිල් නදිය එක් ස්ථානයකදී සුදු නයිල් යනුවෙන් හඳුන්වනවා. නුබියානු කාන්තාරය හරහා ඊජිප්තුවට පිවිසෙන නයිල් නදිය එහි අගනුවර වූ කයිරෝවද පසු කරමින් ගොස් කි.මී. 250 ක් දිග ඩෙල්ටාවක් නිර්මාණය කරමින් මධ්‍යධරණී මුහුදට ගලා බසිනවා. ආරම්භයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා වූ එහි ගමනේදී වැසි වනාන්තර සහිත කඳුකර ප‍්‍රදේශ, සැවානා බිම්, වගුරු බිම් සහ කාන්තාර ද පසුකරනු ලබනවා. නයිල් පිච් හා තිලාපියා වැනි මසුන් නයිල් නදියේ බහුලව දැකගත හැකි අතර ඉහළ නයිල් කොටසේදී හිපපොටේමසුන් ද දැකගත හැකියි. එමෙන්ම නයිල් නදියේ සෑම තැනකදීම කිඹුලන් දැක ගැනීමට ලැබෙනවා.කි.මී. 6695 ක් දිගින් යුුක්ත වන නයිල් නදියේ වාර්ෂික පිටාර ගැලීම හේතුවෙන් එහි පිටාර තැන්නේ සාරවත් රොන් මඩ තට්ටුවක් තැන්පත් වීම සිදුවෙනවා. මේ සාරවත් පසෙහි කපු, තිරිඟු, සෝගම්, රටඉදි වැනි බෝග වර්ග වගා කෙරෙනවා. කි‍්‍ර.පූ. 5000 දී පමණ ප‍්‍රථම මහා අප‍්‍රිකානු ශිෂ්ටාචාරය නයිල් ගංගාව ආශ‍්‍රිතව වර්ධනය වූ අතර ඉන්පසු වසර දහස් ගණනක් පුරා මේ ආශ‍්‍රිතව දියුණු ශිෂ්ටාචාරයන බිහිවී තිබෙනවා.
wikipedia.org

මිසුරි ගංගාවජෙෆර්සන්, ගැලටින් සහ මැඩිසන් යන ගංගා ති‍්‍රත්වයේ් එක්වීමෙන් මිසුරි ගංගාව නිර්මාණය වී තිබෙනවා. වෙන් වෙන්් වශයෙන් ගංගාවන් තුනක් ලෙස පැමිණෙන ඒවා නිරිතදිග මොන්ටනාවේදී එකට එක් වීමෙන් මිසුරි නදිය උපත ලබනවා. ආරම්භක ස්ථානයේ සිට කි.මී. 4090 ක දිගින් යුක්ත වන මිසුරි නදිය එහි ප‍්‍රධාන ජල දහරාව වන මිසිසිපි නදිය සමග එක් වීමෙන් ලෝකයේ සිව්වැනි දීර්ඝතම ගංගා පද්ධතිය නිර්මාණය කෙරෙනවා. එහි ෙද්‍රීණියට අයත් සම්පූර්ණ භූමි ප‍්‍රමාණය වර්ග කි.මී. 1370 000 පමණ වෙනවා. සෙන්ට් ලුයිස් සිට කි.මී. 27 ක් පමණ උතුරේදී මඩ සහිත මිසුරි නදිය මිසිසිපි ගංගාවට සම්බන්ධ වෙනවා.1819 දී “ඉන්ඩිපෙන්ඩන්ස්” නම් වූ චාරිකාව සමගින් මිසුරි නදියේ වාෂ්ප බෝට්ටු ධාවනය ආරම්භ වුණා. ඉතා ඉක්මණින් වාෂ්ප බෝට්ටු ධාවනය ව්‍යාප්ත වන්නට වූ අතර ධාන්‍ය, ලොම්, ලී දඬු සහ ගල් අඟුරු වැනි දෑ ප‍්‍රවාහනය කිරීමට ඒවා යොදා ගනු ලැබුවා. දුම්රිය මාර්ග ඉදිවීමත් සමඟ ගමනා ගමනය සඳහා ගංගාව යොදා ගැනීම අඩු වුණා. නමුත් වර්තමානයේත් ගංගාවේ පහළ කොටස වානිජ වශයෙන් වැදගත් වන වානේ සහ ඛනිජ තෙල් වැනි දෑ ප‍්‍රවාහනය කිරීමට යොදා ගැනෙනවා.
pinterest.com

යෙනිසි ගංගාවරුසියාවේ මධ්‍යම සයිබීරියාවේ පිහිටා තිබෙන යෙනිසි ගංගාව කි.මී. 4090 ක් පමණ දිගින් යුක්ත වෙනවා. සයාන් කඳුකරයෙන් ආරම්භ වන මේ ගංගාව කුඩායෙනිසි හා මහා යෙනිසි යන ගංගා දෙකක එකතුවක් ලෙස උතුරු දෙසට ගලා බසිනවා.සයාන් කඳුකරයේ ගැඹුරු ප‍්‍රපාත අතරින් ගමන් ගන්නා විට යෙනිසි ගංගාවේ රෞද්‍ර බවක් දිස් වුවත් ක්රාස්නොයොස්ක් හි දකුණු කොටසට පැමිණෙන විට එම රුදු ගතිය අඩු වී තිබෙනු දැකගත හැකියි. මේ ගංගාවේ ගමන් මාර්ගය තුළදී ධාන්‍ය වගා කළ කෘෂිකාර්මික ප‍්‍රදේශ, ටයිගා වනාන්තර, දේවදාර වනාන්තර සහිත ප‍්‍රදේශ සහ තුන්ද්‍රා දේශගුණය සහිත ප‍්‍රදේශ පහු කරනු ලබනවා. කි.මී. 160 ක දිගින් ද කි.මී. 64 පමණ පළලකින් ද යුක්ත වන සුවිශාල මෝයක් නිර්මාණය කරමින් යෙනිසි ගංගාව සාරා මුහුදේ යෙනිසි බොක්කෙන් සාගරයට එකතු වෙනවා.යෙනිසි ගංගාවේ ජලවහන පද්ධතියෙන් ආවරණය වන මුළු භූමි ප‍්‍රමාණය කි.මී. මිලියන 2.6 පමණ වෙනවා. කි.මී. 2900 ක් පමණ දුර ප‍්‍රමාණයක් නෞකා ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. අංගාරා, කාන්, කුරේකාන්, ඉහළ මුන්ගුස්කා, ස්ටෝනි මුන්්ගුස්කා සහ පහළ මුන්ගුස්කා මෙහි ප‍්‍රධාන අතු ගංගාවන්ය.
10formation.blogspot.com

අංගාරා නදියරුසියාවේ දකුණු දිග සයිබීරියානු ප‍්‍රදේශයේ අංගාරා නදිය පිහිටා තිබෙනවා. බයිකාල් විලේ නිරිත දිග කෙළවරින් මේ ගංගාව ආරම්භ වෙනවා. ඉන්පසු උතුරු දිශාවට ගලායන අංගාරා නදිය ඉර්කුට්ස්ක් නගරය පසුකර කෙස්මා දක්වා පැමිණ එතැනින් බටහිර දෙසට හැරී යෙනිස්ක්හි දී යෙනිසි ගංගාව හා එක්වෙනවා.අංගාරා නදිය කි.මී. 1830 ක් පමණ දිගින් යුුක්ත වෙනවා. නමුත් එහි පළල මීටර් 485 සිට 2740 අතර ප‍්‍රමාණයක වෙනස් වෙනවා. යෙනිසි නදියත්, අංගාරා නදියත් එක්ව ගත්විට එහි සම්පූර්ණ දිග කි.මී. 5920 ක් පමණ වෙනවා. එබැවින් එය ලෝකයේ දිගම ගංගා අතුරින් පස්වැනි ස්ථානය හිමි කර ගන්නා අතර ආසියාවේ ඇති දිගම ගංගා අතුරින් දෙවැනි ස්ථානය හිමිකර ගන්නවා. අංගාරා නදියේ බොහෝ කොටසක් නෞකා ගමනාගමනය සඳහා යොදාගත හැකි අතර ජල විදුලිය නිපදවීම සඳහා ද අංගාරා නදිය ප‍්‍රයෝජනවත් වී තිබෙනවා.
පරානා ගංගාවදකුණු ඇමරිකානු මහද්වීපයේ නැගෙනහිරට වන්නට පරානා නදිය පිහිටා තිබෙනවා. මධ්‍යම බ‍්‍රසීලයේ රියෝ ග‍්‍රාන්ඩේ සහ පරානායිබා යන ගංගා දෙකේ එකතුවෙන් පරානා නදිය නිර්මාණය වෙනවා. මේ ගංගාව මගින් නිරිත දිශාවේදී බ‍්‍රසීලය හා පැරගුවේ අතර දේශ සීීීමාව නිර්මාණය කරන අතර බටහිර දිශාවට ගලා යන අතර දී පැරගුවේ සහ ආජන්ටිනාව අතර ද දේශසීමාව සාදනු ලබනවා. එහිදී පැරගුවේ ගංගාව පරානා නදියට එක් වෙනවා. ඉන්පසු රියෝ ඩි ලාප්ලාටා හිදී මෝයක් සාදමින් අත්ලාන්තික් සාගරයට එක්වෙනවා. පරානා ගංගාව කි. මී. 2800 ක් පමණ දිගින් යුක්ත වෙනවා. කි. මී. 1700 ක් පමණ දිගින් යුක්ත වන රියෝ ග‍්‍රාන්ඩේ නදිය ඇතුළු එයට එක්වන අනෙකුත් ගංගාවන් මගින් ඇමේසන් නදියේ ජලවහන පද්ධතියට පමණක් දෙවැනි වන දකුණු ඇමරිකාවේ විශාලතම ජලවහන පද්ධති වලින් එකක් නිර්මාණය කරනු ලබනවා. පරානා ගංගාවේ කි. මී. 1610 ක පමණ දුරක නෞකා ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.
අමූූර් ගංගාවෂිල්කා සහ අර්ගුන් යන ගංගා දෙක එක්වීමෙන් සෑදෙන අමූර් ගංගාව ආසියානු මහද්වීපයට අයත් වෙනවා. චීනයත්, රුසියාවත් අතර දේශසීමාව මෙම ගංගාව මගින් නිර්මාණය කෙරෙනවා. ආරම්භයේදී ගිණිකොණ දෙසට ගලාබසින එය පසුව ඊසාන දෙසට හැරී නිකලොවියෙස්කි – න – අමුරි නගරය ආසන්නයේ පිහිටි ටාටාර් සමුද්‍ර සන්ධියේදී සාගරයට එක් වෙනවා. තනි ගංගාවක් ලෙස සැලකූ විට අමූර් නදියේ දිග කි. මී. 2874 ක් පමණ වන අතර එයත් එහි ප‍්‍රධාන ශාඛාව වූ ෂිල්කා නදිය ද ඇතුළු තනි ගංගා පද්ධතියේ දිග කි. මී. 4416 ක් පමණ වෙනවා. එම ගංගා පද්ධතියෙන් නිර්මාණය වන තනි ගංගාව ලෝකයේ දිගම ගංගාවන් අතුරින් 9 වැනි ස්ථානය හිමි කර ගන්නා අතර ආසියාවේ දිගම ගංගා අතුරින්් 5 වැනි ස්ථානය හිමිකර ගන්නවා. අමූර් නදියේ සම්පූර්ණ දිග ප‍්‍රමාණයම නෞකා ධාවනය සඳහා යොදා ගත හැකි වුවත් ෂිල්කා ගංගාවේ කොටසක් පමණක් ඒ සඳහා යොදා ගත හැකි වී තිබෙනවා. ශීත ඍතුව පවතින කාලයේදී අමූර් ගංගාවේත් ප‍්‍රවාහන කටයුතු අත්හිටුවනුු ලබනවා.
emaze.com

ඇමේසන් ගංගාවස්වභාව ධර්මයාගේ අපූර්වතම නිර්මාණයක් වූ ඇමේසන් ගංගාව දකුණු ඇමරිකාවේ උතුරු කොටසේ පිහිටා තිබෙනවා. ඇමේසන් ගංගාව සතු ඇදහිය නොහැකි අපූර්වත්වය නිසාම ලොව බොහෝ දෙනෙක්ගේ නොමඳ අවධානයට පාත‍්‍ර වී තිබෙනවා. ගංගාවේ දිගින් වැඩි කොටසක් බ‍්‍ර‍්‍රසීලයට අයත් වන අතර ලොව වැඩිම වර්ග කිලෝ මීටර් ප‍්‍රමාණයක් පැතිර පවතින ගංගාව ලෙස සැලකෙනවා. එමෙන්ම අතු ගංගාවන් වැඩිම ප‍්‍රමාණයක් සහිත ගංගාව මෙන්ම වැඩිම ජල පරිමාවක් සාගරයට නිකුත් කරන ගංගාව වන්නේත් ඇමේසන් ගංගාවයි.ඇමේසන් ගංගාවේ සම්පූර්ණ දිග කි.මී. 6400 ක් පමණ වෙනවා. එහෙයින් එය නයිල් නදියට පමණක් දෙවැනි වෙමින් ලොව දිගම ගංගා අතුරින් දෙවැනි ස්ථානය හිමිකර ගන්නවා. දිගින් දෙවැනි තැන හිමි වුණත් ඇමේසන් නදියේ ඇති ගුප්තමය අපූර්වත්වය අතින්නම් එය අන් සියලු ගංගාවන් අභිබවා පෙරට පැමිණ තිබෙනවා. සිය ගණනක් වූ අතු ගංගාවලින් පෝෂණය ලබන ඇමේසන් නදිය එම ගංගා වලින් ලබාගන්නා ජල ප‍්‍රමාණය කියුබිික් මී. මිලියන 6 ක් පමණ වෙනවා. මේ ප‍්‍රමාණයෙන් අඩක් පමණ බ‍්‍රසීලයෙන් එයට එක් වෙන අතර ඉතිරි ප‍්‍රමාණය පීරු, ඉක්වදෝරය, බොලියාව සහ වෙනිසියුලාව යන රටවල පිහිටි අතු ගංගා මගින් ඇමේසන් නදියට එකතු වෙනවා. සාමාන්‍යයෙන් තත්පරයට ජලය ලීටර් මිලියන 34-121 ක් අතර ප‍්‍රමාණයක් ඇමේසන් නදියේ ජලය සාගරයට ගලා බසිනවා. එබැවින් එය ලොව වේගවත්ම ගංගාවක් ලෙස ද ප‍්‍රසිද්ධියක් උසුලනවා. මේ වේගවත් බව නිසා ටොන් මිලියන 3 ක පමණ රොන්මඩ ප‍්‍රමාණයක් වාර්ෂිකව එහි මෝය අසල තැම්පත් වෙනවා. මේ ආකාරයට ඇමේසන් ගංගාව මගින් සාගරයට මුදා හරින ජල ප‍්‍රමාණය මුළු ලෝකයේම ඇති ගංගාවලින් සාගරයට නිකුත් කරන ජල ප‍්‍රමාණයෙන් 1/5 ක් පමණ වෙනවා. ඇමේසන් නදියේ ජල පහරේ වේගය නිසා අත්ලාන්තික් සාගරයේ කි.මී. 320 පමණ දුරට යනතෙක් එහි ලවණ ගතිය සහ පැහැය විශාල වශයෙන් වෙනස් වෙනවා.ඇමේසන් නදිය අත්ලාන්තික් සාගරයට පිවිසෙන මෝය කි.මී. 240 ක් පමණ පළලින් යුක්ත වෙනවා. සාගරයට පිවිසීමට පෙර ඒ මගින් විශාල ඩෙල්ටාවක් නිර්මාණය කෙරෙන නිසා මෝය අවට දූපත් විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබෙනවා. ලෝකයේ විශාලතම තෙත් බිම් සහිත ඝර්ම කලාපීය තැනිතලාව ඔස්සේ ඇමේසන් නදිය ගලා බසිනවා. ජනවාරි සහ ජූනි මාසය අතර පවතින දැඩි වර්ෂාව හේතුවෙන් ගණ වනාන්තරයෙන් වැසුණු පහත් බිම් ජලයෙන් වැසී යනවා. ජලය අඩු කාලවලදී ගංගාවේ පළල කි.මී. 10 සිට 16 අතර ප‍්‍රමාණයක් වුවත් වර්ෂාව ඇති වී එය පිටාර ගැලූ විට එහි පළල කි.මී. 48 ක් පමණ වෙනවා.ඇමේසන් ගංගාවේ ප‍්‍රධානතම අතු ගංගාවන් දෙක උකයාලි සහ මැරනෝන් නමින් හැඳින්වෙනවා. එයට අයත් අතු ගංගා ප‍්‍රමාණය කොතෙක්දැයි නිශ්චිතවම ගණනය කර නැහැ. නමුත් බ‍්‍රසීලය හරහා වැටී ඇති කොටසේදී පමණක් එයට අතු ගංගා 200 කට වැඩි ප‍්‍රමාණයක් එකතු වෙනවා. ඒ අතුරින් කි.මී. 1600 ට වඩා දිගින් වැඩි ගංගා 17 ක්ද තිබෙනවා. ඇමේසන් නදියේ විශාලත්වයත්, වාර්ෂිකව සිදුවන ජල ගැලීමත්, බෝට්ටුවලට යාත‍්‍රා කිරීමේ හැකියාවත් නිසා එය “සාගර ගංගාව“ ලෙස ද හඳුන්වනවා.උපුටා ගත්තේ www.danuma.lk වෙතිනි.