යෝජනාවකින් විවාහ වෙන අයගේ FIRST NIGHT එක මෙන්න මේ වගේලු

කසාදය කියන කාරණාව කෙනෙක්ගේ දෙවෙනි ඉපදීම කියලා තමයි කව්රුත් හඳුන්වන්නේ. එකිනෙකට වෙනස් පවුල් දෙකක දෙදෙනෙක් එක වහලක් යටට ඇවිත් ජීවත් වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබ නිකම් හිතන්නකෝ, ඔබේම සහෝදර සහෝදරියෝ අතරෙත් කොයි තරම් නම් හැල හැප්පීම් තියෙනවද? ඉතින් වෙනම පවුලක කෙනෙක් ගැන කවර කතාද?

මේ කතා කොහොම වුනත්, කසාදයක් වෙන්නේ අදර සම්බන්ධතාවයකින්. එහෙමත් නැත්නම් යෝජිත විවාහයකින්. තමන්ම හොයාගෙන, ආදරය කරලා බඳිනවා වගේම, අම්මා තාත්තා මැදිහත්වෙලා හොයලා දෙන කෙනාව බඳින අයත් ඉන්නවනේ. ඉතින් මේ දෙවර්ගයෙන් ඔබ කැමති මොන විදිහේ කසාදයකටද?කාලයක් දෙන්න දැන හඳුනගෙන එක් වෙන එකෙයි, නොදැනගෙන එක්වෙන එකෙයි අමුත්තක් තියෙනවා.හොඳම අවස්ථාව තමයි පලවෙනි මංගල රාත්‍රිය. මොකද හිතෙන්නේ ඒ ගැන?යෝජිත විවාහයකින් එක් වෙන දෙන්නෙක්ගේ පලවෙනි මංගල රාත්‍රිය මොන වගේ ඇත්ද?හිතා ගන්න අමාරුයි තමයි. ඉතින් අපි ඒ ගැන එහෙම එකතු වුනු කිහිප දෙනෙක්ගෙන්ම අහලා දැනගත්තු කරුණු මෙහෙම ගොනු කරන්න හිතුවා. කියවලා බලන්න. ඇත්තෙන්ම රසවත්.කාන්තාවක් විදිහට තමන් හරිහැටි නොදන්නා කෙනෙක්ට තමන්ගේ මුළු ආත්මයම පුජා කරනවා කියන දේ මට නම් හිතා ගන්නවත් බෑ.

1. විශ්වාසය දිනා ගන්න එක තමයි වැදගත්ම දේ
විවාහය කියන්නේ හරිම සංකීර්ණ බැඳීමක්. හැබැයි, හරි විදිහට පවත්වගත්තොත් ලෝකේ තියෙන ලස්සනම සම්බන්ධතාවයත් ඒකම තමයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් දෙදෙනාගේ විශ්වාසය දිනා ගන්න එක හරිම වැදගත්. මංගල දවස කියන්නේ දෙදෙනාටම ගොඩාක් මහන්සි දවසක්. ඉතින් එදා වුනු දේවල් කතා බහ කරලා, දෙන්නගේ අදහස් හුවමාරු කරගැනීමක් තමයිලු ගොඩක් දෙනා කරන්නේ. පස්සේ ඉතින් දෙන්න එකට ගුලි වෙලා නිදා ගන්නවලු. එදාට එච්චරයි ඉතින්. එතනින් එහාට මුකුත් නෑ .

2. දෙදෙනාගේම සුවපහසුව සලසා ගැනීම වැදගත්
විවාහය කියන්නේ ලිංගික ජීවිතයේත් ආරම්භය වුනාට, නොදන්නා දෙන්නෙක්ට එක පාරට ලිංගිකව එක වෙන්න බෑ. ඉතින් දෙන්න කතා බහ කරලා, ඕනෑ එපා කම් ගැන හොඳ අවබෝධයක් අරගෙන තමයි කලින් කියපු කාරනාවට අවතීර්ණ වෙන්නේ. මෙහෙම යනකොට ඉතින් ගොඩාක් වෙලාවට මාසයකට කිට්ටු කාලයක් යනවලු සමහරුන්ට. ඊට අඩු කාලෙකින් අවශ්‍ය දේ කරන අයත් ඇති. අපි මේ කියන්නේ සාමාන්‍ය ගැන.

3. වැඩේ වාක්‍ය දෙකකින්ම කියලා ඉවර කරන්නත් පුළුවන්.
කොහොමින් හරි කසාදෙට කලින් දෙන්න හොඳ අවබෝධයක් ලබා ගත්තොත්, වැඩේ ගොඩ. එච්චරයි.

4. කෙනෙක්ගේ අනන්‍යතාවය වෙනස් වෙන්නේ නෑ
සමාජය විශේෂයෙන් කාන්තා පාර්ශවයට විවාහය හා සම්බන්ධ එක එක කතා කීවට, ජිවිතේ මහා ලොකු වෙනසකට භාජනය වෙන්නේ නැති බවත්, ඔබ ඔබම පමණක් බවත් සිහියේ තබා ගැනීමත් වැදගත්. කලින් ඔබ තනිකඩව ජිවත් වෙද්දී ලිංගික ජිවිතයක් තිබුනේ නෑ.හැබැයි දැන් තියෙනවා. ඕක තමයි ප්‍රධානම දේ.

5. හිතා ගන්න බැරි තරමටම සුන්දර වෙන්නත් පුළුවන්
දන්නේ නැති දෙන්නෙක්, සමාජය විසින් එකතු කලායින් පස්සේ, දෙන්න පලවෙනි පාරට එකතු වෙලා ජිවත් වෙන එක මහා පුදුමාකාර සුන්දර අත්දැකීමක් වෙන්නත් පුළුවන්. දෙන්නගේ නොදන්නා කමම පලවෙනි රාත්‍රිය අතිශය සුන්දර වෙන්න හේතු කරගත්ත අයත් ඉන්නවා. කොහොමත් ඉතින් මිනිස්සු නොදැක්ක, නොලබපු දේවල් දකින්න, ලබන්න පුදුමම කැමැත්තකින් වගේම ආශාවකින්නේ ඉන්නේ. හා නැද්ද?
උපුටා ගැනිම http://www.hadakari.com