අමාවක සද කෙටි කතාව

අනේ… සොරි මිස් සොරි…
මං දැක්කේ නෑ… මට සමාවෙන්න…
වේගයෙන් ආපු නවීන පන්නයේ මෝටර් රථයෙන් බැහැපු තරුනයා අමාවි දිහා බලාගෙන බැගෑපත්ව කිව්වේ
මීට මොහොතකට පෙර වේගයෙන් පැමිනි ඔහුගේ රථය මඩ වලකට වැටී අමාවි මඩෙන් නෑවී ගිය වැරැද්ද ට සමාව ගන්නයි..නෑ ඒකට කමක් නෑ… අමාවි අහිංසක විදියට කියද්දි ඒ තරුනයාගේ හිතම හිරි වැටීගෙන යන බව ඔහුට දැනුනි…එන්න මිස්.. මං ඔයාට අලුත් ඇදුමක් අරන් දෙන්නම්.. නැත්තන් මිස්ට යන්න ඕන දිහා කියන්න මං ඔයාව ගිහින් ඇරලවන්නම්…

ඔහුගෙන් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න ඔහු උත්සහා කරනවා කියලා අමාවිට තේරුනා…
නෑ මිස්ට මට පුලුවන් යන්න.. තෑන්ක්ස්..හරි මිස්.. එහෙනන් මං යන්නම්..මගේ නම අහස්… එතකොට ඔයා…ඔහු අමාවි දිහාට තම සුරත දික් කලා…” මම අමාවි… “එසේ කියමින් අමාවි අහස්ගෙන් වෙන් වෙලා ගිහින් ත්‍රී වීලර් එකක නැගලා නොපෙනී ගියා…“අහස්… නැගිටපන් බං උබ අහසෙද ඉන්නේ….අහස්ගේ ඔෆිස් එකේ ඔහුගේ ලගම මිතුරා වුන තාරක ගේ සද්දෙට අහස් පියවි සිහියට ආවා…” උබ මොන ලෝකෙද බං හිටියේ…”

“මං අමාවිගේ ලෝකේ හිටියේ බං..”රෝස පාට සාරිය පුරාම මඩෙන් නෑවිලා හිටිය ඒ අහිංසක ඇස් අහස්ගේ හිත පුරා දුවන්න ගත්තා…අහස් ඒ වෙනකොටත් අමාවි ගැන තාරකට කියලා තිබුනා…
“උබ ඒකිට ලව් ද අහසෝ…අනේ මංදා බං.. මෙච්චර කාලෙකට කා ලගවත් නොනැවතුන මේ ආඩම්බරකාර අහස්ගේ හිත අමාවි හොරකම් කරලා තිබුනා…අහස් කියන්නේ දිවයිනේ ප්‍රදාන පෙලේ ව්‍යාපාරිකයෙක්ගෙ පුතෙක්…තාත්තා කොච්චර සල්ලිකාර වුනත් අහස් හිටියේ අහසේ නන් නෙවෙයි…අහස් මිනිස්සු ආශ්රය කරන්න බලපු එකම මිම්ම මනුස්සකම විතරයි..

අහස්ගේ කම්පැනි එකේ වැඩ කරපු සියලුම දෙනා අහස්ට ආදරේ කලා.. ගරු කලා…
ඒ තරම් අහස්ට යහපත් ගතිගුන තිබුනා…දවස් දෙක තුනක් ගෙවිලා ගියත් අහස්ට අමාවිව අමතක කරන්න බැරි වුනා…අහස් අමාවිව හොයන් යන්න තීරනේ කල…තාරක යමං.. මට අදනන් කොහොම හරි අමාවිව හොයාගන්න ඕනේ..අහස් තාරකවත් ඇදගෙන උදේම එලියට ආවේ එදාත් මේ වෙලාවට අමාවිව හම්බුන නිසා අදත් එහෙමම වෙයි කියලා බලාපොරොත්තුවෙන්

කොහෙද බං උබේ අමාවකේ… හැංගිලා ඉන්නේ…කොහේ හිටියත් අද හොයාගන්නම ඕනේ තාරක…
ටික දුරක් යද්දි අහස් හෙව්ව ඒ ඇස් අහස් ඉස්සරහට ආවා…අහස්ගේ වාහනේ ඉස්සරහෙන් පාර පැනලා ඉක්මන් ගමනින් යන අමාවි දිහා බලන් හිටපු ඔහු පියවි සිහියට ආවේ තාරකගේන් හම්බුන පාරක් එක්ක..
ගොනෝ ඕක ගනින් ඉස්සරහට පිටි පස්සේ වාහන හෝන් ගහනවා..එතකොට තමා අහස්ට මතක් වුනේ තමන් වාහනෙ පාර මැද්දේ නතර කරන් ඉන්නවා කියලා…

ඉක්මනින් වාහනේ ස්ටාර්ට් කරපු අහස් අමාවි පස්සේ හෙමින් යන්න පටන් ගත්තා…“පිපෙන මල් පෙරපාසල”උබේ අමාවක හද තාම මොන්ටිසෝරිද බං යන්නේ….තාරක අහද්දි කිසිම දෙයක් නොකියපු අහස් වහනෙන් බැහැලා ඇතුලට ගියා…පොඩි පොඩි පැටව් අස්සෙන් අහස් පෙර පාසල ඇතුලට ආවා…” එස්කිය්ස්මී…මිස් අමාවි ඉන්නවද….”ලග හිටපු මිස් කෙනෙක්ගෙන් අහස් ඇහුවා..“ආහ්.. පොඩ්ඩක් ඉන්න සර්…”කියලා ඇය යන්න ගියා…ටික වෙලාවකින් අමාවි අහස් ඉස්සරහට ආවා…” ඔයා.. අහස් නේද.. ඇයි මේහේ…”අමාවි ඇහුවේ ඔහුට ඇයව හොයාගෙන එන්න තරම් හේතුවක් නොතිබුන නිසා…” මං එද්දි ඔයාව දැක්කා… ඒකයි ආවේ.. ඔයා මෙහෙද වැඩ කරන්නේ.. එතකොට ඔයා ටීචර් කෙනෙක් නේ… ”අහස් හිනාවක් මූනට අරන් ඇහුවා…
“ඔව් මං මෙහේ තමා වැඩ.. ඉතින් ඔයා ඇයි මාව දැකලා ආවේ…”අමාවි එහෙම ඇහුවත් අහස් හිටියේ ඒ ඇස් අස්සේ අතරමං වෙලා..හෙලෝ මිස්ට අහස්… කොයි ලෝකෙද ඉන්නේ… අමාවි හිනාවෙලා අහද්දී අහස්ට හිනා ගියා…

කාලයත් එක්ක අහස් අමාවි මිතුරන් බවට පත් වුනා… අහස් නිතරම පෙර පාසල අතරතුර අමාවි බලන්න ආවා…
අහස්ගේ හිතේ අමාවි ගැන ආදරයක් දලු ලන්න පටන් අරන් තිබුනා…. අහස් අමාවිට පන වගේ ආදරේ කරා.. ඒත් ඒ අහස්ගේ හිතෙන් විතරයි… අමාවි ඔහුට ආදරේ ද නැද්ද කියලා අහස් දැනගෙන හිටියේ නෑ….” දැන් ඉතින් ඔය හිතේ තියන් හිටියා මදැයි අදවත් ඕක කියපන් අහස්…තාරක අහස්ට කියද්දී තාරක හරි කියලා අහස්ට හිතුනා…මේ අහපන්… පොඩි එවුන් අස්සේ ඕක කියන්න බෑනේ…. ඒ නිසා අද පරක්කු වෙලා පලයන්මොන්ටිසෝරියඇරෙන වෙලේට ගිහින් ඒකිවත් දාගෙන කොහෙට හරි ගිහින් ඕක කියපන්…තාරක කිව්ව දේවල් ගැනත් හිතපු අහස් අමාවි බලන්න යන්න පෙර පාසල ඇරෙන වෙලාව එනකල් හිටියා….මගදි නතර වෙලා අමාවි වෙනුවෙන් ලස්සන දියමන්ති අල්ලපු මුදුවකුත් අරන් අහස් ආවේ හීන බලාපොරොත්තු ගොඩාක් පොදි බැදගෙන….පෙර පාසලේ ගේට් එක ලග වාහනේ නතර කරපු අහස් බලන් හිටියේ මේ වෙනකල් කාටවත්ම ලං වෙන්න බැරි වුන හිත හොරකම් කරපු ඒ අහිංසක කෙල්ල එනකල්…කහ පාට සාරියට අමාවිව අහස්ට පෙනුනේ හදක් වගේ…ඈතදිම අහස්ව දැකපු අමාවි ගේ මූනේඇදුනේ මේ වෙනකල් අහස් නොදැකපු තරම් ලස්සන හිනාවක්..අමාවි අහස් ලගට එනකනුත් අහස්ගේ ඇස් තිබ්බෙ අමාවි දිහාමයි…
අහස් මහත්තයෝ දැන් අහසෙන් බහින්න….

අමාවි කීව්ව විදියට අහස්ට හිනා ගියා…අමා… මට ඔයාට කියන්න දෙයක් තියනවා… අපි කොහෙට හරි යමුද…
අහස් අමාවිට කියන්වාත් එක්කම පිටි පස්සෙන් සද්දයක් ඇහුනා…අම්මී…. අම්මියෝ…..කියාගෙන චූටි කෙලි පැටියෙක් දුවගෙන ඇවිත් අමාවිගේ අතේ එල්ලුනා…දෙව්නා… කෝ එන්න මගේ රෝස මල…එහෙම කියලා අමාවි ඒ චූටි කෙල්ලව වඩාගත්තා…අම්මි??? ඔයා එතකොට බැදලද??අහස්ගේ ඔලුවට අකුනක් වැදුනා වගේ දැනෙන්න ගත්තා…මේ මොනවද වෙන්නේ අමාවි… ඔයා බැදලද.. මේ ලමයා ඔයාගෙද… ඇයි මෙච්චර දවසක් මට කිසිම දෙයක් නොකිව්වේ…අහස්ගේ ප්‍රශ්න පත්තර වලට අමාවිගේ එකෙම උත්තරේ වුනේ හිනාවක් විතරයි…
අම්මි මේ කව්ද මේ අංකල්…දෙව්නා අමාවිගෙන් අහද්දී අහස්ට අමාවි ගැන කේන්තියක් ආවා..
තමුසේ මොකද අමාවි මේ දේවල් මට නොකිව්වේ.. ආහ්…කියන්න කවද්ද අහස් ඔයා මගෙන් ඇහුවේ.. අනික ඇයි මං ඔයාට ඒ දේවල් කියන්න ඕනේ…අමාවි අහස්ගෙන් එහෙම ඇහුවම අහස්ගේ කේන්තිය දෙගුන වුනා…

කියන්න ඕනෙද… කියන්න ඕනේ මං තමුසෙට ආදරේ කරා.. තමුසේ දන්නවාද ඒකා ආහ්…අහස් අමාවිගේ උරහිසෙන් අල්ලන් හොලවලා අහද්දි බය වුන දෙව්නා අඩන්න පටන් ගත්තා…අහස් ප්ලීස් මෙතන කෑ ගහන්න එපා මගේ දරුවා බය වෙනවා.. ඔයා දැන් මෙතනින් යන්න.. මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ.. ඔයා ආයේ මාව හම්බෙන්න එන්නත් එපා…අමාවි එහෙම කියලා දෙව්නාවත් අරන් එතනින් යන්න ගියා…

පිස්සුද අහස් උබට… මෙච්චර රටේ කෙල්ලෝ ඉද්දී උබ බැදපු ගෑනියෙක් පස්සෙද ගියේ…තාරක සමච්චලයට වගේ අහස්ට කිව්වත් අහස් හිටියේ වෙච්ච දේවල් හිතාගන්න බැරුව..මං දන්නේ නෑ බං අමාවි බැදලා එයාට ලමෙක් ඉන්නවා කියලා..එක අතකට ඒකට එයාගෙ වරදක් නෑ… මං එයාගෙන් කිසිම දෙයක් අහලා නෑනේ…අහස් වෙච්ච දේවල් ගැන පසුතැවුනා..අහපන් තාරක.. මට අමාවිගෙන් සමාව ගන්න ඕනේ. මොකද මං එදා එයාට කතා කරපු විදිය වැරදී….අහස්ට ඔහුගේ අතින් වුන වැරැද්ද හදාගන්න ඕනෙ වුනා…සමාව ගනින් හැබැයි අනුන් කාපු ටොෆී කන්න නන් ලෑස්ති වෙන්න එපා කියලා තාරක අහස්ට හිනාවෙලා එලියට ගියා…දවස් දෙක තුනකට පස්සේ අහස් අමාවිව හම්බවෙලා සමාව ගන්න පෙර පාසලට ආවත් අමාවි පේන්න හිටියේ නෑ…
අහස් සර්… අමාවි මිස්වද හොයන්නේ…පිටි පස්සෙන් ඇහුන කටහඩ කාගෙද බලන්න අහස් හැරුනම දැක්කේ අමාවිගේ හොදම යෙහෙලිය වුන මදුමි ව. මදුමිත් පෙර පාසල් ගුරුවරියක්… මදුමි අමාවිගේ වගේම අහස්ගෙත් මිතුරියක් වෙලා තිබුනා…මදුමි කෝ අමාවි… අහස් එහෙම ඇහුවම මදුමි දිග හුස්මක් ඉහලට අරන් පහලට දැම්මා..අහස් අයියේ.. අපි පොඩ්ඩක් අර පැත්තට යමුද..කියලා මදුමි ඉස්සර වුනා…ලමා උයනේ තිබුන බංකුවක් උඩ දෙන්නම වාඩි වුනා…දැන්වත් කියන්න නංගි කෝ අමාවි…ඉවසීම නැති වෙලා ගිය තැන අහස් ඇහුවා…
එයා ගියා අයියේ..ගියා???? කොහෙද??අහස් කලබලෙන් ඇහුවත් මදුමි උත්තර දුන්නේ නෑ…කියන්න මදුමි… කොහෙද ගියේ…ඒක දිග කතාවක් අහස් අයියේ…මදුමි අතීතෙට ගියා…අමාවි ව මට හම්බුනේ මීට අවුරුදු පහකට කලින්… එතකොට එයායි මමයි දෙන්නම බාහිර උපාධිය කරමින් හිටියේ…අමාවිට හිටියේ අම්මායි අයියයි විතරයි.. අම්මා ගමේ අයියා ලග හිටියේ.. අයියා තමා අමාවිගේ ඉගන ගන්න වැඩ වලට වියදම් කලේ… අමාවිගේ අයියා එයාට ගොඩාක් ආදරෙයි ඒ වගේම වසයි…මායි අමායි ක්ලාස් ගිහින් ආවේ පයින්.. අමා හිටියේ අපේ ගෙදර නැවතිලා..දවසක් අපි ක්ලාස් ගිහින් එද්දී පාරේ පෙට්ටියක් තියනවා දැක්කා…අපි ඒක ගනන් ගත්තේ නෑ…ඒත් අපි ඒක පහු කරද්දි ඒකෙන් පොඩි බබෙක්ගේ අඩන සද්දයක් ඇහුනා…
මායි අමායි හිතුවේ බලු පැටව් ටිකක් ගෙනත් දාලා අති කියලා.. අමා බලු පැටව්න්ට මාර ආදරෙයි.. ඉතින් අමාට ඕන වුනා ඒකේ ඉන්නෙ මොකෙක්ද බලන්න..අමා එදා ඒක ඇරියා.. ඒත් හිටියේ බලු පැටියෙක්වත් වෙන සතෙක්වත් නෙවෙයි…එහෙම කියලා මදුවි ආයෙම ලොකු හුස්මක් උඩට ගත්තා… අහස් උනන්දුවෙන් අහන් හිටියේ මොකක්ද වුනේ කියලා දැනගන්න ඕන නිසා…“කව්ද ඒකේ හිටියේ…’ඒකේ හිටියේ චූටි බබෙක්..
රෝස මලක් වගේ ලස්සන දූ පැටියෙක්..එහෙම කියද්දී මදුමි ගේ ඇස් වලින් කදුල් කඩන් වැටුනා…මේ තරම් ලස්සන රෝස මලක් වගේ පැටියෙක් දාලා යන්න තරම් හිතක් පපුවක් නැති වුන අම්මා ට අමා හිතෙන් වෛර කලා..අමා ඒ පැටියව අතට ගත්තා… ඒත් මං බය වුනා එදා මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා.. ඒත් අමාව නවත්තන්න මට බැරි උනා…අමා දෙව්නාව හදාගත්තා..

අපේ අම්මලා ඒකට අකමැති වුනේ මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙයි කියලා.. ඒ නිසා අමා අපේ ගෙදරින් ගියා..
මේ දේවල් දැනගත්තු අමාගෙ අයියා අමාට වියදම් කරන එක නතර කලා..අමා බෝඩිමක් අරන් ගියා.. ගිහින් ගාමන්ට් එකේ වැඩ කලා.. දෙව්නාට අවුරුදු දෙකක් වෙනකල් එයා එකේ වැඩ කලා.. පස්සේ දෙව්නාව මං ලග තියලා එයා ආයෙම උපාධිය ඉවර කරන්න ඉගන ගත්තා.. අවුරුදු දෙකේ ඉදන් දෙව්නා මේ මොන්ටිසෝරියට එනවා යනවා…දෙව්නාට අමා ගොඩාක් ආදරේ කලා.. එයා වෙනුවෙන් හැමදේම කැප කලා..එයාගේ ජීවිතේ වෙලා හිටියේ දෙව්නා.. ඒ ඔයා හම්බෙනකල්..අමාට ඔයාව හම්බවුනාම අමා සතුටු වුනා ඔයාගෙ ගතිගුන නිසා.. එයාට හිතුනා ඔයා එයාව බාර ගනි කියලා.. දෙව්නාට වෙනසක් නොකරයි කියලා..අමා දෙව්නාගෙන් පස්සේ ආදරේ කලේ ඔයාට අහස් අයියේ.. ඒක එයා මට කිව්වා..ඒත් එදා වෙච්ච දේ නිසා අමාගෙ හිත කැඩුනා.. එයා දැනගත්තා ඔයා එයාවවත් දෙව්නාවවත් බාර ගන්න එකක් නෑ කියලා…ඒ නිසා එයා ගියා අහස් අයියේ.. එයා අද රෑ මේ රටෙනුත් යනවා..එයා කැමති නෑ අයියේ කිසිම කෙනෙක් දෙව්නාට වචනයක්වත් කියනවාට.. එයා ඒ තරම් ඒ දරුවට ආදරේ කරනවා. ඒ ආදරේ දැක්කම මටත් පුදුම හිතෙනවා… ඒ තරම් ආදරයක් මං මට හිතාගන්නවත් බෑ.. තමන්ගේ ලමෙක් නොවී ඒ තරම් ආදරයක් ලබන්න දෙව්නා පින් කරලා ඇති…මදුමි ඇඩුම් අතරින් කියද්දි අහස් ගේ ඇස් වලිනුත් කදුලු කඩන් වැටුනා

එක තප්පරේකට හරි අමාවි ගැන වැරදි අදහසක් හිතට ආවාට අහස් තමන්ටම බැන ගත්තා… අමා ගැන මහා ගොඩාක් ආදරයක් , ගෞරවයක් අහස් ගේ හිතේ ඇති වුනා..පුලුවන් නන් ඒ අහිංසක ජීවිත දෙකට එකතු වෙන්න අයියේ.. ඔයාගේ ජීවිතේට ඊට වඩා සතුටක් වෙන තැනකින් ලැබෙන එකක් නන් නෑ… ඔයාගේ ලෝකෙම සම්පූර්ණ වෙයි..ඒ තරම් වාසනාවක් ආයේ ඔයාට ලැබෙන එකක් නෑ.. කැමතිනම් ගිහින් එයාලව නවත්තන්න අයියේ.. මේක ඔයාගෙ අවසාන අවස්තාව වෙයි… මදුවි ඇඩුම් අතරින් කියද්දි අහස් නැගිට්ටා..අත් දෙකෙන් කදුලු පිහාගත්තු අහස් වාහනේ අරන් වේගයෙන් ආවේ ගුවන්තොටුපළට…සෙනග අස්සේ පීර පීර අහස් හෙව්වේ ඒ ආදරනීය ඇස් දෙක…තව සුලු වේලාවකින් ඩුබායි බලා පිටත් වන මගීන් ගුවන්‍ යානය වෙත පිවිසෙන්න…
එනව්ස්මන්ට් එක ඇහුන අහස්ගේ ඇස් ගියේ ඇතුවීමේ දොරටුව ලගට..දෙවුනාව එක අතකින් වඩාගෙන බැගේජ් එක අනිත් අතින් අරන් අමාවි එනවා දැකපු අහස් දුවගෙන ගියේ ඒ දිහාවටඅමා… අමා.. ඔහොම ඉන්න…
අහස්ගේ කටහඩ ඇහුන අමා නතර වුනා..අහස්ගේ ඇස් වල කදුලු දැකපු අමාගේ ඇස් දෙකෙත් කදුලු පිරුනා..
අමා.. මාව දාලා කොහෙද මැනික යන්න ගියේ..මං නෙවෙයි අහස් ඔයයි ගියේ..අමා බිදුනු හඩින් කියද්දි අහස් අමා ඉස්සර දනින් වැටුනා..අහස් මොකද මේ කරන්නේ නැගිටින්න..නෑ මැනික.. ඔයාව දාලා ගියේ නෑ.. ඔයාව දාලා ගිහින් ලබා ගන්න තරම් වටින දෙයක් නෑ කියලා මට තේරුනා.. මං ආවේ ඒ වැරැද්ද හදාගන්නා..
අහස් ලගම අමාත් දනින් වැටුනා…මේ ඉන්නේ අහස් මගේ ජීවිතේ… මෙයාව බාරගන්න ඔයා කැමතිද.. අමා දෙව්නාව තුරුල් කරන් අහස්ගෙන් ඇහුවා…

ඔයාගේ විතරක් නෙවෙයි ඒ දැන් මගේත් ජීවිතේ.. ඔයාලා දෙන්නම මගේ.. මගේ පන වගේ බලාගන්නවා අමා.. සත්තයි මගේ හුස්ම තරම්ම්…අහස් අඩ අඩ අමාගේ හිස මත අත තියලා දිවුරුවා…අම්මි මේ කව්ද?මෙච්චර වෙලා බලන් හිටපු දෙව්නා අමාගෙන් ඇහුවා…එන්න පැටියෝ.. මං අද ඉදන් ඔයාගේ තාත්ති පැටියෝ…කෝ එන්න මං ලගට…අහස් දෙව්නා දිහාට අත් දෙක දික් කලා.. මොහොතක් අහස් දිහා බලං හිටපු දෙව්නා තාත්තී කියාගෙන අහ්ස්ගේ අතට පැන්නා…අමාගේ ඇස් දෙකෙන් කදුලු කඩන් වැටෙද්දී අමාවයි දෙව්නාවයි අහස්ගේ අත් දෙකට මැදි වුනා…අහස්ගේ අහසට අමාවක සද ඒ විදියට පායනකොට දෙව්නා අහස් අමාවි කැදැල්ල ට ආදරය පිරුනේ වියලුනු පොලොවට බට මහා වර්ශාවක් මෙනි….
—————නිමි—————-
චනූ ඉශාන්-